Thursday, October 29, 2015

කොහොඹ කොළවලින් ලස්සන වෙමුද? පහසුවෙන් නිවසේදීම සාදාගත හැක

කොහොඹ කොළවලින් ලස්සන වෙමුද
මෙන්න විස්මිත වට්ටෝරු හයක්

කොහොඹ ඈත අතීතයේ සිටම බොහොමයක්ම ඛෙහෙත් සදහා භාවිතා කරන ඖෂධයක්. සැම නිවසකම කොහොඹ ගසක් වැව ගන්න කියලා තමයිනේ අපිට කියලා තියෙන්නේ. කොහොඹ වලින් සමට ලබාගත හැකි ප්‍රයෝජන ගැන තමයි අද ඔයාලට කියලා දෙන්නේ. කියවල බලන්නකෝ ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා.

කොහොඹ සමේ ආසාධන සහ කුෂ්ට සදහා

ඔබට තියෙන්නේ සංවේදී සමක් නම් අසාධන සැදීමට ඇති සම්භාවිත්ව වැඩි. කොහොඹ වතුරින් මෙවැනි ආසාධන දවසින් නැති කර ගන්න පුළුවන් බව දන්නවද?

පිරිසිදු වතුර කෝප්ප 2 කට කොහොඹ කොළ 15-20 ක් එකතුකර උතුරවන්න. වතුර භාගයක් ඉතුරු වන තෙක් හින්දන්න. කොළ ටික ඉවත් කර ඉතුරුවන වතුරින් මුහුණ සෝදන්න. 3-4 සැරයක් කිරීමෙන් හොද ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

කොහොඹ කුරුලෑ වලට

කොහොඹ වල ඇති ප්‍රති බැක්ටීරියා කාරක ප්‍රති ක්ෂුද්‍රවි සහ ප්‍රති දිලිර ගුණ මගින් විෂ නසා කුරුලෑ සම්බන්ධ ඉඩමුම්ද අඩු කරයි.

කොහොඹ කොළ 15-20 ක් වතුර ටිකක විනාඩි 2-3 ක් උණු කර එම කොළ අබරා පල්පයක් සද ගන්න. මෙය කෙලින්ම කුරුලෑ වලට ආලේප කර වේලෙන්නට හරින්න.

කොහොඹ මගින් වැඩිපුර වැහෙන තෙල් අඩු කිරීම

තෙල් ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන අතිරික්ත තෙල් කළමනාකරණයට කොහොඹ ඉතා ක්‍රියාකාරීව මැදිහත්වේ.

කොහොඹ කොළ අබරා පල්පයක් සාදා ගන්න. එයට ලෙමන් බින්දු 4-5ක් එකතුකර මුහුණ පුරා අලේප කරන්න. විනාඩි 20ක් තියෙන්නට හැර හොද හරින්න. 

කොහොඹ පැහැපත් සමකට

මුහුණ අදුරු පැහැ නම් කොහොඹ ප්‍රතිකාරය මගින් සම පැහැපත් කර ගන්න පුළුවන්.

කොහිඹ කොළ 10-20 කින් පල්පයක් හදා ගන්න. එයට කහ හැන්දක්ද එකතුකර කරන්න. මතක තිය ගන්න කහ කුඩු නෙමෙයි එකතු කරන්න ඕනි. කහ කැබැල්ලක් ගෙන එය වතුර සමග එකතුකර පල්පයක් ලෙස සද ගෙන තමයි එකතු කරන්න ඕනි. මෙම මිශ්‍රණය මුහුණේ ගලවා විනාඩි 20 කින් සෝදා හරින්න. දිනපතා සති 2ක් කිරීමෙන් වෙනස දැක ගන්න පුළුවන්.

කොහොඹ වියලි සමට

කොහොඹ වැඩිපුර වැහෙන තෙල් අඩු කරනවා වගේම වියලි සමටද ප්‍රතිකාර කිරීමට සමත්ය.

කොහොඹ කොළ 10-12 කින් පල්පයක් සදා එයට මිදී ඇට තෙල් (ටර්චැිැැා දසක) බින්දු 3-4 ක් එකතු කරන්න. මුහුණේ ආලේප කර විනාඩි 20කින් සෝදා හරින්න.

කොහොඹ බ්ලැක් හෙඩ් වලට

බ්ලැක් හෙඩ් කරදරයෙන් පීඩා විදිනවනම් කොහොඹ තෙල් බින්දු 2-3 ක් වතුර බින්දු 2-3 සමග එකතු කර කළු ලප ති ඇති තැන වල ගලවන්න. විනාඩි 10ක් සිට සෝදා හරින්න. මෙමගින් කළු ලප තිවිම අඩු කරන අතර දිගටම පාවිච්චි කිරීමෙන් අලුතින් ඇතිවීම නැති කරයි.

 Like Us On Face Book



0 comments:

Post a Comment

ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරලා යන්න....