Friday, October 30, 2015

දන්ත වෛද්‍යවරයා ලගට නොගොස් දත්වල මැලියම් ඉවත් කරගන්නේ කෙසේද?

දන්ත වෛද්‍යවරයා ලගට නොගොස් දත්වල මැලියම් ඉවත් කරගන්නේ කෙසේද?

දන්ත වෛද්‍යවරයා සැමවිටම මැලියම් ඉවත් කිරීම ඉතා හොදින් සිදුකරයි.කෙසේ වෙතත් නිවසේදීම මැලියම් ඉවත් කරගත හැකි ස්වාභාවික වට්ටෝරු විශාල ප‍්‍රමාණයක් ඇත.



1 වන වට්ටෝරුව

අවශ්‍ය ද‍්‍රව්‍ය
වොල්නට් පොතු ග‍්‍රෑම් 30 (මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක)
ජලය


සැකසීම

වොල්නට් පොතු භාජනයකට දම ජලය එකතු කර ලිප මත තබා මිනිත්තු 15ක් පමණ තම්බා ගන්න. මිශ‍්‍රනයගෙන දත් බුරුසුවේ ආධාරයෙන් මිනිත්තු 5 ක් පමණ හොදින් දත් මැද ගන්න. පසුව සෝදා හරින්න.
මෙම ක‍්‍රමය උදේ, දවල් සහ රාත‍්‍රියට නැවත නැවත සිදු කරන්න.



2 වන වට්ටෝරුව


ඇපල් සයිඩර් විනාකිරි (මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක) දත් මැලියම් ඉවත් කිරීමට යොදා ගත හැක. නමුත් සැලකිය යුතුයි, මෙය සිදුකලයුත්තේ සතියකට 1 වරක් පමණකි. ඔබගේ දත් බුරුසුව ඇපල් සයිඩර් විනාකිරි වලින් පොගවා හොදින් දත් මැද ගන්න. ඉතාමත් හොදින් ඔබේ කට ජලයෙන් සෝදා හරින්න. නැතහොත් දත් වල එනමලයට හානි විය හැක.


        

Like Us On Face Book
















Thursday, October 29, 2015

කෙස් වැටීම වැලක්වීමට හා කෙස් සුදු වීම පමා කිරීමට ක්‍රමයක්

කෙස් වැටීම වැලක්වීමට හා කෙස් සුදු වීම පමා කිරීමට නිල තෙරපීමෙන් ප‍්‍රතිකාර.

අද ලෝකයේ වැඩි දෙනෙකුට ඇති විශාල ගැටළුවක් ලෙස මේ හිස කෙස් සම්බන්ධව ඇති ගැටලූ හැඳින්වීමට පුළුවන. මෙය විශේෂයෙන් ස්ත‍්‍රී පාර්ශවයට ඉතාමත් විශාල ප‍්‍රශ්නයකි. හිස කෙස් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල කැපකිරීමක් මෙන්ම විශාල ලෙස තම මුදල් ද වියදම් කරන බොහෝදෙනා වෙනුවෙන් මෙය සතුටුදායක පුවතක් වන බවට නොඅනුමානයි.



මීට වසර 5000 කට පමණ පෙර සිට පැවත එන නිල ශාස්ත‍්‍ර විද්‍යාව මගින් මෙම කෙස් වැටීම වැලක්වීමට හා කෙස් සුදු වීම පමා කිරීමට හැකි බව සොයාගෙන ඇත.

අතුරු අබාධ රහිත ස්වභාවික ක‍්‍රමයක් වන මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් ඖෂධ හෝ එන්නත් නොමැතිව ශරීරයේ අභ්‍යන්තර අවයව උත්තේජනය කිරීම මගින් රුධිර සංසරණය ක‍්‍රමවත් කර සිරුරේ ක‍්‍රියාකාරිත්වය විධිමත් කරයි. මෙම සම්බාහන ක‍්‍රමයට අනුකූල වූ ප‍්‍රතිකර්මය වන්නේ අත්ලෙහි හා පතුලෙහි ඇති නිල වලට හා ඒ අවට ඇති ප‍්‍රදේශ වලට සම්භාහන උපකරණයක ආධාරයෙන් හෝ අත්ලෙහි ඇÛිලි තුඩු වලින් පීඩනයක් ලබා දීමය.

මෙම ක‍්‍රමය මගින් කෙස් වැටීම වැලක්වීමට හා කෙස් සුදු වීම පමා කිරීම වන්නේ කෙසේද?

මේ සඳහා දෑත් වල මා පට ඇගිල්ල  හැර අනිත් ඇගිලි  අට ගෙන ඇගිලි  අටේ නියපොතු එකිනෙකට පිරිමැදිය යුතුය.

මෙම පින්තූරය  බලන්න.

හොඳ ප‍්‍රතිපල සඳහා දිනපතා උදෑසන විනාඩි 5ක් පමණ එලෙස පිරිමැදීම කල යුතුය. පළමු ඉදුණු කෙස් ගස දුටු විගස ඉහත නිය පිරිමැදීම ආරම්භ කරන්න.

හිසකෙස් වැඞීමට
අමු නෙල්ලි එළ කිරෙන් තම්බා අඹරා ගාන්න.

හිසකෙස් ගැලවී යාමට

අරළු, බුළු, නෙල්ලි කීකිරිඳිය යුෂින් අඹරා කීකිරිඳිය යුෂට දියකර හිස ගල්වා තබා ඉන් පසු නෑම.

අකලට හිසකෙස් සුදුවී ඇත්නම්

අරළු, බුළු, නෙල්ලි තම්බා හිස සේදීම.

අඹ ඇට මද, නෙල්ලි, කුඹුක් පොතු, අවරිය, මානෙල් අල  චූර්ණ කර තල තෙලින් කකාරා හිස ගාන්න.


    Like Us On Face Book 




කැළැල් විස්මිත ලෙස මකා දමන - කළු මුහුණ සුදු කරන ලෙමන්, තක්කාලි සහ මීපැණි ෆෙස් මාස්ක් එකක් ගෙදරදීම හදමු

කැළැල් විස්මිත ලෙස මකා දමන - කළු මුහුණ සුදු කරන
ලෙමන්, තක්කාලි සහ මීපැණි ෆෙස් මාස්ක් එකක් ගෙදරදීම හදමු

කැළැල් නැති ලස්සන මුහුණක් කියන්නේ කාන්තාවන් හැම කෙනාම ලබා ගන්න උත්සාහ කරන දෙයක්නේ. මුහුණේ සම පැහැපත්ව ලස්සනට තියාගන්න ඔවුන් නොකරන දෙයකුත් නැ. ඉතින් කෘතීම දේවල් නැතිව කුස්ස්සියේ ඇති අමුද‍්‍රව්‍ය 3කින් ෆෙස් මාස්ක් එකක් හද ගන්න පුලූවන්නම් කොහොමද? ඔන්න කාන්තාවන් වෙනුවෙන්ම අද පළමුවෙන්ම කියලා දෙන්නේ කැළැල් මකන විශ්මිත ෆෙස් මාස්ක් ඒක හදන විදියි. යාලූවන්ටත් බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.


මුලින්ම බලමු ගුණ ගැන

තක්කාලි

ප‍්‍රතිඔක්සිකාරක බහුල තක්කාලි අකාලයේ වියපත් වීමට බලපාන හේතුකාරක වලට එරෙහිව සටන් කරයි. අදුරු පැහැති කැළැල් එලිය කිරීමටද සමත් වෙනවා. එමගින් සම තරුණ සහ නැවුම් බවකින් පවත්වාගෙන යාමට උපකාරී වෙයි.

මීපැණි

සමේ තෙතමනය රදවා ගෙනයාමට උපකාරී වෙයි. බැක්ටීරියා විරෝධී සහ විෂබීජ නාශක ගුණ මගින් කුරුලෑ වැනි දේ වලක්වයි.

ලෙමන්

ලෙමන් වල ඇති විටමින් සම පැහැපත් කරයි.


*ෆෙස් මාස්ක් එකට අවශ්‍යදේ:

- තක්කාලි පැල්ප මේස හැදී 1 ( තක්කාලි හොදින් අබරාගත් )

- මී පැණි මේස හැදී 1

- ලෙමන් යුෂ මේස හැදී  X

කෝප්පයකට සියලූ දේ මිශ‍්‍ර කරන්න. මෙම හදාගත් මාස්ක් ඒක ඇගිලි තුඩු වලින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10ක් වේලෙන්නට තියන්න . මද උණුසුම් වතුරින් මුහුණ පළමුවෙන් සෝදන්න. උණුසුම් වතුර වෙලූනු මාස්ක් ඒක බුරුල් කර දමයි. ඉන් පසු සාමාන්‍ය වතුරින් සෝදා පිරිසිදු තුවායකින් තෙත මාත්තු කරන්න.

මෙම ප‍්‍රතිකර්මයට කලින් මුහුණට හුමාලය ඇල්ලීමට පුලූවන්නම් අපේ මෙම මාස්ක් එකේ ප‍්‍රතිලාභ වැඩි කර ගන්න පුළුවන්. හුමාලය ඇල්ලීම මගින් කුප විවර වෙන නිසා අපේ මාස්ක් ඒක සමේ ඇතුලටම ගමන් කරනවා.

සාදාගත් මෙම මිශ‍්‍රණය ශීතකරණයේ සතියක් කල් තබා ගන්න පුළුවන්. දුගඳක් හමනවා දැනුනොත් ඉවත දමන්න.


Like Us On Face Book

කොහොඹ කොළවලින් ලස්සන වෙමුද? පහසුවෙන් නිවසේදීම සාදාගත හැක

කොහොඹ කොළවලින් ලස්සන වෙමුද
මෙන්න විස්මිත වට්ටෝරු හයක්

කොහොඹ ඈත අතීතයේ සිටම බොහොමයක්ම ඛෙහෙත් සදහා භාවිතා කරන ඖෂධයක්. සැම නිවසකම කොහොඹ ගසක් වැව ගන්න කියලා තමයිනේ අපිට කියලා තියෙන්නේ. කොහොඹ වලින් සමට ලබාගත හැකි ප්‍රයෝජන ගැන තමයි අද ඔයාලට කියලා දෙන්නේ. කියවල බලන්නකෝ ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා.

කොහොඹ සමේ ආසාධන සහ කුෂ්ට සදහා

ඔබට තියෙන්නේ සංවේදී සමක් නම් අසාධන සැදීමට ඇති සම්භාවිත්ව වැඩි. කොහොඹ වතුරින් මෙවැනි ආසාධන දවසින් නැති කර ගන්න පුළුවන් බව දන්නවද?

පිරිසිදු වතුර කෝප්ප 2 කට කොහොඹ කොළ 15-20 ක් එකතුකර උතුරවන්න. වතුර භාගයක් ඉතුරු වන තෙක් හින්දන්න. කොළ ටික ඉවත් කර ඉතුරුවන වතුරින් මුහුණ සෝදන්න. 3-4 සැරයක් කිරීමෙන් හොද ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

කොහොඹ කුරුලෑ වලට

කොහොඹ වල ඇති ප්‍රති බැක්ටීරියා කාරක ප්‍රති ක්ෂුද්‍රවි සහ ප්‍රති දිලිර ගුණ මගින් විෂ නසා කුරුලෑ සම්බන්ධ ඉඩමුම්ද අඩු කරයි.

කොහොඹ කොළ 15-20 ක් වතුර ටිකක විනාඩි 2-3 ක් උණු කර එම කොළ අබරා පල්පයක් සද ගන්න. මෙය කෙලින්ම කුරුලෑ වලට ආලේප කර වේලෙන්නට හරින්න.

කොහොඹ මගින් වැඩිපුර වැහෙන තෙල් අඩු කිරීම

තෙල් ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන අතිරික්ත තෙල් කළමනාකරණයට කොහොඹ ඉතා ක්‍රියාකාරීව මැදිහත්වේ.

කොහොඹ කොළ අබරා පල්පයක් සාදා ගන්න. එයට ලෙමන් බින්දු 4-5ක් එකතුකර මුහුණ පුරා අලේප කරන්න. විනාඩි 20ක් තියෙන්නට හැර හොද හරින්න. 

කොහොඹ පැහැපත් සමකට

මුහුණ අදුරු පැහැ නම් කොහොඹ ප්‍රතිකාරය මගින් සම පැහැපත් කර ගන්න පුළුවන්.

කොහිඹ කොළ 10-20 කින් පල්පයක් හදා ගන්න. එයට කහ හැන්දක්ද එකතුකර කරන්න. මතක තිය ගන්න කහ කුඩු නෙමෙයි එකතු කරන්න ඕනි. කහ කැබැල්ලක් ගෙන එය වතුර සමග එකතුකර පල්පයක් ලෙස සද ගෙන තමයි එකතු කරන්න ඕනි. මෙම මිශ්‍රණය මුහුණේ ගලවා විනාඩි 20 කින් සෝදා හරින්න. දිනපතා සති 2ක් කිරීමෙන් වෙනස දැක ගන්න පුළුවන්.

කොහොඹ වියලි සමට

කොහොඹ වැඩිපුර වැහෙන තෙල් අඩු කරනවා වගේම වියලි සමටද ප්‍රතිකාර කිරීමට සමත්ය.

කොහොඹ කොළ 10-12 කින් පල්පයක් සදා එයට මිදී ඇට තෙල් (ටර්චැිැැා දසක) බින්දු 3-4 ක් එකතු කරන්න. මුහුණේ ආලේප කර විනාඩි 20කින් සෝදා හරින්න.

කොහොඹ බ්ලැක් හෙඩ් වලට

බ්ලැක් හෙඩ් කරදරයෙන් පීඩා විදිනවනම් කොහොඹ තෙල් බින්දු 2-3 ක් වතුර බින්දු 2-3 සමග එකතු කර කළු ලප ති ඇති තැන වල ගලවන්න. විනාඩි 10ක් සිට සෝදා හරින්න. මෙමගින් කළු ලප තිවිම අඩු කරන අතර දිගටම පාවිච්චි කිරීමෙන් අලුතින් ඇතිවීම නැති කරයි.

 Like Us On Face Book



Sunday, October 25, 2015

පිළිකා සෛල වර්ධනය වළකන අද්විතීය පානය...



පිළිකා සෛල වර්ධනය වළකන අද්විතීය පානය  
මෙය සම්පූර්ණයෙන්ම ස්වාභාවික පානයකි . එමගින් පිළිකා සෛල වර්ධනය වීම වළකන  අතරම  වෙනත්  අදහාගත නොහැකි ශරීර සෞඛ්‍යයට හිතකර  වාසි  රැසක් හිමි වේ .

පහසුවෙන්  සොයාගත හැකි දෑ  මගින් මෙම පානය සාදා ගන්නේ කෙසේදැයි බලමු. 




අවශ්‍ය දේවල් 

 -  ඇපල් ගෙඩියක් 
 -  බීට් රූට් අලයක් 
 -  කැරට් අලයක් 
 -  ලෙමන් ගෙඩියක් 



 සාදාගන්න ගන්න ආකාරය 

    හොදින් සෝදා ගත් පසු මේවා කුඩාවට කපා ගන්න. ඉන්පසු සියල්ල එකවර බ්ලෙන්ඩරයක් අදාරයෙන් හොදින් බ්ලෙන්ඩ්  කර ගන්න. ඉන්පසු මෙය  නැවුම් ලෙසම පානයට ගන්න.


මෙම පානය මගින් අත්වන තවත් අමතර වාසි 

  • වකුගඩු,අක්මා, සහ අග්න්‍යාසයේ ආරක්ෂාව සහ  ආමාශයේ  පිළිකාමය තත්වයන්ගෙන් ඔබට ආරක්ෂාව ලබාදේ.
  • ඇස් පෙනීම වර්ධනය කරයි.
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි. 
  • මළපහ  පිට කිරීම පහසු කරයි. 
  • සමේ පෝෂණය වර්ධනය කරයි. 
  • අධි රුධිර පීඩනයට සාමාන්‍ය තත්වයට පත්කරන අතරට පෙනහළු වලට හිතකරයි. 
  • ඔසප් වේදනාව අඩු කරයි.

Like එකක් දමා අපිත් සමග රැදෙන්න 









Friday, October 23, 2015

කොලේස්ටරෝල් පහත දමන විශ්මිත පානය...

නිවසේදී පහසුවෙන් සාදා ගතහැකි මෙය වෛද්‍යවරු පවා විශ්මයට පත් වූ පානයකි.. 




ලෙමන් සහ පාස්ලි වලින් සාදන මෙම පානයෙන් කොලේස්ටරෝල් අඩු වෙනවා. රසකාරකයක් ලෙසද බාවිතවනපාසලි වල විටමින් C, A සහ විටමින් K බහුලව ඇති නිසා උණ සහ සේම තිබෙන අවස්ථාවල අහාර වලට එක්කර ගැනීමද සුදුසු බව පරේෂණ වලින්ද සදහන් කර ඇත.එහෙනම් අපි බලමු ලෙමන් සහ පාස්ලි වලින් සාදන කොලේස්ටරෝල් අඩු කරන මෙම පානය හදන්නේ කොහොමද කියල? 

අවශ්‍ය දේවල් 


-වතුර ලීටර් 1.5ක් 

-පාසලි කොළ මිටි 3ක් 

-ලෙමන් කිලෝ 1ක් 

-බේකින් සෝඩා 

සාදන ආකාරය 

ලෙලි නොගැසූ ලෙමන් ගෙඩි වල බේකින් සෝඩා හොදින් අතුල්ලා ගන්න.එමගින් ලෙමන් වල පොත්ත හොදින් පිරිසිදු කරගත හැකිය.ඉන්පසු වතුර උණුකර නිවෙන්නට හරින්න . ලෙමන් ගෙඩි ටික කුඩා කෑලි වලට කපා, පාස්ලිද සිහින්ව කපා මෙම සියල්ල එකට බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.එයට අවශ්‍ය තරමට වතුර එක්කර ශීතකරණයේ දවසක් තබන්න . ඉන්පසු එය පිරිසිදු බෝතලයකට දමා ගන්න. දිනකට මි.ලී 100 බැගින් ආහාර ගැනීමට විනාඩි 30 කට පෙර බොන්න .

Like එකක් දමා අපිත් සමග රැදෙන්න